කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.
ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන්, රහස් ඡන්ද 61ක් දිනා ගනිමිනි පෙරේදා (16) දින තේරී පත්වූවාය.
ඒ අනුව ඇය කොළඹ 26 වන පුරපතිනිය ද, හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගෙන් පසු කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය ද වනවා.
අද (18) උදෑසන වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොළඹ නගරයේ ඇති ගැටලු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බවය.
පුරවැසියන් එක හඬින් කියා සිටියේ, “මේ පුරවරයත් වෙනස් කර දෙන්න යනුවෙනි” යැයි පැවසු නගරාධිපතිනිය මේ නගරය වෙනස් කිරීමේ වගකීම අප සතු වන බව ද මෙහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළා.
එසේම ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇතැයි ද නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබාදීමට තමාට දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට ඇතැයි ද ඇය සඳහන් කළා.
අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවද ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතුව ඇතැයි ද කියා සිටියාය.

