WhatsApp වලටත් නුදුරේදී ම ad හඳුන්වා දෙන්න යයි

Meta සමාගම විසින් හිමිකාරිත්වය දරන WhatsApp යෙදවුම සඳහාත් දැන්වීම් (ad) හඳුන්වා දීමට සමාගම තීරණය කර තිබෙනවා.

මෙම දැන්වීම් chats වල දිස් නොවෙන අතර updates කොටසේ status එක ලෙස දිස් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එය Instagram වල ඇති stoties වලට සමාන ආකාරයක් ගනු ඇත.

මෙම දැන්වීම් තනි හෝ group chats වල inbox වල නොපෙන්වන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

මෙම දැන්වීම් පරිශීලකයන් වෙසෙම ප්‍රදේශය, ඔවුන් follow කරන WhatsApp චැනල් ආදිය මත පදනම්ව පෙන්වනු ඇත.

එසේම සිය WhatsApp ගිණුම Facebook හෝ Instagram වෙත සම්බන්ධ කර ඇති පරිශීලකයින්ට ඒවායේ දත්ත වලට ද අදාළ දැන්වීම් පෙන්වනු ලැබේ.