ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා.

ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එසේම ඊශ්‍රායලය විසින් අද උදෑසන ඊසානදිග ටෙහෙරානයේ සිටින පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ද දැනුම් දී තිබෙනවා.

මේ අතර ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවයි ට්‍රම්ප් සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.