ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතයි

පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නවතා ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා. 

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මේ බව සඳහන් කළා. 

එසේම අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය සෘජු මැදිහත්වීම රජයක් වශයෙන් සිදුකරන බවයි ඔහු පවසන්නේ. 

අදාළ රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුර අදහස් දක්වමින් මෙහි දී සඳහන් කළා.