කළුතරින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 116 දක්වා ඉහලට

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 116 දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට කළුතර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 05 ක් ද වෙන්කර ඇති බවත් වැඩි දුරට පවසා තිබෙනවා.