2025 වසරේ මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.2% කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.
සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය වැඩිවීම සහ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තබා ඇති තැන්පතු වැඩිවීම හේතුවෙන් සංචිත මුදල් පෙර සතියට සාපේක්ෂව වැඩි වූ බවයි සතිපතා ආර්ථික වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ.
මුළු හිඟ වෙළඳපොළ ද්‍රවශීලතාවය ඊයේ (13) වන විට රුපියල් බිලියන 187.53 ක් වනවා.

