ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ 78ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් අද අලුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිරිස අතර කාන්තාවන් සහ ළමයින් ද වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එසේම එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 326ක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

වාර්තා වූ තුවාලකරුවන් අතර ඉරානයේ හමුදා ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයින් ද වනවා.

කෙසේවෙතත් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ඉරාන රජය මේ වන තෙක් තහවුරු කළ ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඊශ්‍රායලයේ ප්‍රහාරය යුද්ධ ප්‍රකාශ කිරීමක් බව ඉරානය අනතුරු ඇඟවීමක් ද සිදු කරනු ලැබූ අතර මෙම ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා තිබෙනවා.