ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් AI 171 නම් වූ ගුවන් යානය අනතුරකට ලක්ව තිබේ.
අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබේ.
බෝයිං 787-8 වර්ගයේ යානයක් මෙම අනතුරට ලක් ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇත.
ඉන් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.
ඊට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇත.
ගුවන්යානය අනතුරට ලක්වීමත් සමග අහ්මදාබාද් මේඝානිනගර් ප්‍රදේශයේ දැඩි දුමාරයක් දිස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දීය ගිනි නිවන හමුදාව මෙන්ම හදිසි ප්‍රතිචාර කණ්ඩායම් ද අදාළ ස්ථානයට කඩිනමින් ළඟාවී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගුවන්යානයේ එංජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවට සැක පළ කෙරෙන අතර එය මේ වනතෙක් කිසිදු පාර්ශ්වයක් තහවුරු කර නොමැත.







