මහනුවර – පේරාදෙණිය දුම්රිය ගමන් මාර්ගය යථා තත්ත්වයට

මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අනතුරුදායක තත්ත්වයක් පවතීද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අද (12) පෙරවරුවේ දුම්රියක් ධාවනය කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය ධාවනය කෙරුණු අතර එම දුම්රිය පිළිසකර කළ ස්ථානයෙන් පෙරවරු 09 ට පමණ ධාවනය කර ඇති අතර ගැටලුවකින් තොරව දුම්රිය මහනුවර දක්වා ධාවනය කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ වේගය බාල කොට දුම්රිය ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය.