මහනුවර අධිකරණ සංකීර්ණය අසල දුම්රිය මාර්ගය ගිලා බසී

මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට  අවශ්‍ය පියවර ගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

මේ අතර මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා තිබෙනවා.

මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ද ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.