ඉරානය තවත් නගර කිහිපයක සුනඛයන් තහනම් කරයි

මහජන සාමය සහ සෞඛ්‍ය සහ ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් ඉරාන නිලධාරීන් රට පුරා නගර ගණනාවකට සුනඛයින් ඇවිදීම තහනම් කර තිබෙනවා.

2019 වසරේ නිකුත් කරන ලද පොලිස් නියෝගයකට අනුව ටෙහෙරාන් නුවර සුනඛයන් ඇවිදවීම තහනම් කෙරුණු ලැබූවා.

ඒ අනුව ඉරාන රජය විසින් එම තහනම් තවත් නගර 18 කට දීර්ඝ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම වාහන වන සුනඛයන් ප්‍රවාහනය කිරීම ද තහනම් කර තිබෙනවා.

1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ඉරානයේ සුනඛ හිමිකාරිත්වය අප්‍රසාදයට ලක් වී ඇති අතර, බලධාරීන් විසින් සුනඛයන් “අපිරිසිදු” ලෙස සලකනු ලබනවා.