ජනපති අනුරට මිහින්තලේ හිමිගෙන් ගෞරව නාමයක්

ජාතික පොසොන් උත්සවයට අනුරාධපු මිහින්තලේ රජමහා විහාරයට පැමිණ සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් විසින් ගෞරව නාමයක් පිරිනමා තිබේ.

ඒ මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙනුයි.

ඒ අනුව ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය මෙහිදී පිළිගන්වා තිබෙනවා.

“අනුබුදු දහමින් ලොවම නිවේවා” යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

එය මෙවර පැවැත්වෙනුයේ 2,333 වැනි රාජ්‍ය පොසොන් උත්සවය ලෙසය.