හැටන් මහජන වෙළදපොල හුදකලා කරයි

පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් හැටන් නගරයට මත්ස්‍යයන් රැගෙනවිත් අලෙවි කල මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළදපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.