තක්කාලි කියන්නේ අපි හැමෝම වගේ කන්න ආස, අපේ කෑම වලට වෙනස්ම උමාමි රසයක් එකතු කරන දෙයක්.
කොහොම වුණත් වැඩිපුර තක්කාලි කන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. වැඩිපුර තක්කාලි කෑවොත් මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.
ගැස්ට්රයිටිස් තත්ත්වය වැඩි වීම සහ පපුවේ දැවිල්ල
තක්කාලි කියන්නේ ආම්ලික කෑමක්. එහි මාලික් අම්ලය (malic acid) සහ සිට්රික් අම්ලය (citric acid) වැනි අම්ල අඩංගු වෙනවා. මේවා අධිකව ශරීරගත වීමෙන් අම්ල පිත්ත දෝෂ සහ පපුවේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම, ඔයාට දැනටමත් ගැස්ට්රයිටිස් තත්ත්වය තියෙනවා නම් වැඩියෙන් තක්කාලි කෑවොත් ඒ තත්ත්වය තවත් උග්ර වෙන්න පුළුවන්.
ආහාර ජීර්ණ ගැටළු
සමහර අයට තක්කාලි අධික ලෙස ආහාරයට ගැනීමෙන් බඩ පිපුම, ගෑස් පිරුණු ගතිය, සහ පාචනය වැනි ආහාර ජීර්ණ ගැටළු ඇති වෙන්න පුළුවන්. තක්කාලි ඇට සහ ඒවායේ අඩංගු සමහර සංයෝග ජීර්ණය කිරීමට අපහසු වීම මෙයට හේතුවක් වෙන්න පුළුවන් .
වකුගඩු ආශ්රිත ගැටළු
තක්කාලිවල ඔක්සලේට් (oxalate) සහ කැල්සියම් (calcium) අඩංගු වෙනවා. මේවා ශරීරයේ අධික ලෙස තැන්පත් වීමෙන් වකුගඩුවල සහ මුත්රාශයේ ගල් ඇති වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වකුගඩු රෝග ඇති අයට තක්කාලි වැඩිපුර ගැනීම වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔයාට මුත්රා ගල් ඇති වෙලා තියෙනවා නම් මේ තක්කාලි වැඩිය ආහාරයට එකතු කර නොගන්න එක හොඳයි.
සම කහ පැහැ වීම (Lycopenemia)
තක්කාලිවල අඩංගු වෙනවා ලයිකොපීන් (lycopene) කියන්නේ ප්රබල ප්රතිඔක්සිකාරකයක්. මෙය අධික ලෙස ශරීරයට ඇතුළු වීමෙන් සමේ පැහැය කහ-තැඹිලි පැහැයකට හැරෙන තත්ත්වයක් ඇති විය හැකියි. මෙය “ලයිකොපීනමියා” ලෙස හඳුන්වන අතර, එය හානිකර තත්ත්වයක් නොවූවත්, සමේ පැහැයේ තාවකාලික වෙනසක් ඇති කළ හැකියි.
හිසරදය
ක්ලීව්ලන්ඩ් සායනයට අනුව, පීසා වැනි තක්කාලි ආශ්රිත නිෂ්පාදන සමහර පුද්ගලයන්ට හිසරදය හෝ ඉරුවාරදය ඇති කළ හැකි වෙනවා. ඉතින් ඔයා හිසරදයෙන් පෙලෙන වෙලාවක තක්කාලි ආහාරයට ගත්තොත් සමහරක් විට ඔයාට ඒ හිසරදය වැඩි වෙන්න පුළුවන්.
මේ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා, ඒ වගේම තමයි දැන් වෙළඳපොලේ විවිධ තක්කාලි තියෙන නිසා ඒ ඒ තක්කාලි වර්ගය අනුවත් ඒවායේ ප්රතිඵල වෙනස් වෙන්න පුළුවන්. හොඳම දේ ප්රමාණයට වඩා වැඩියෙන් තක්කාලි ආහාරයට නොගෙන ඉන්න එක.
ඕනිම දෙයක් ඕනවට වඩා ඕනි නැහැ කියනවා නේ.

