හමුදාවේ 3,000ක් අත්අඩංගුවට

නිල වශයෙන් ඉල්ලා අස් නොවී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් 3,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

පෙබරවාරි 22 සිට මේ දක්වා කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිදු කරන ලද සම්බන්ධීකරණ මෙහෙයුමක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

මෙම පිරිස අතරින් 2,261 දෙනෙකු ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයින් වනවා.

නිවාඩු නොමැතිව නොපැමිණි අයට එරෙහිව පියවර ගැනීමෙන් හමුදා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ සන්නද්ධ හමුදා තුළ විනය සහතික කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.