ජාත්‍යන්තර සාගර දිනය අදයි

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව, ” අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු ” යන්නයි.

ජාත්‍යන්තර සාගර දිනයට සමගාමිව ජාතික සාගර දින ජාතික සැමරුම, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගරයේදී අද  පැවැත්වීමට නියමිතයි.

එසේම ඊට සමගාමිව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී වනවා.

ඒ අනුව 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

පෘථිවියේ “පෙනහළු” ලෙස හැඳින්වෙන සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.