රුපියල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අතිප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.15 සිට රු. 294.98 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 303.48 සිට රු. 303.40 දක්වා පහත වැටී ඇත.