බහුතර බලය නොමැතිව රැස්වීම් පැවැත්වීම ප්‍රමාද වූ දකුණු පළාතේ මහ නගර සභා දෙකක් ඇතුළුව පළාත් පාලන ආයතන 15ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එන නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම මෙම මස 20 වනදා පැවැත්වෙන බවයි.
එසේම, හම්බන්තොට මහ නගර සභාවේ මහ රැස්වීම මේ මස 23 වනදා පැවැත්වෙනු ඇති.
ඊට අමරතව ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව නගර සභාව ඇතුලුව ප්‍රාදේශීය සභා 07 ක මංගල රැස්වීම් මේ මස 18 වනදාත්, 30 වනදාත් අතර කාලයේදී පැවැත්වීමට නියමිතයි.
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාවේ සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම් මේ මස 27 වනදාත්, මුලටියන ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම මේ මස 25 වනදාත් පැවැත්වෙනු ඇත.
මීට අමතරව හම්බන්තොට මහ නගර සභාවේ රැස්වීම මේ මස 23 වනදාත්, තංගල්ල නගර සභාවේ මංගල රැස්වීම මේ මස 26 වනදාත්, කටුවන ප්‍රාදේශීය සභාවේ රැස්වීම මේ මස 19 වනදාත් පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
මෙම පළාත් පාලන ආයතන 15 හි මංගල රැස්වීම් සිදු කෙරෙන දින නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතයි.
මීට පෙර බස්නාහිර පළාතේ බලය පිහිටුවීමට නොහැකි වූ කොළඹ මහ නගර සභාව ඇතුලුව පළාත් පාලන ආයතන 21 ක මංගල රැස්වීම් පැවැත්වෙන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.

