පසුගිය මැයි මාසයේ මෙරටට සංචාරකයින් 132,919 ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.
පසුගිය වසරේ මැයි මාසය හා සැසදීමේදී මෙය ඉහළ යාමක් වන අතර පසුගිය වසරේ මැයි මාසයේදී 112,128 ක් මෙරටට පැමිණ තිබුණා.
මැයි මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

