අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ප්‍රමාද වෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකකදී කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.