අපවත්වී වදාළ ශාසනා අභිමානී, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදී ලබන ජුනි 01 වනදා සිදු කිරීමට නියමිතයි.
විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වන විට 62 හැවිරිදි වියේ පසුවුණා.
දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයේ පසුවූ එම හිමියන් වසර එකහාමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා.
මේ වන විට පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ශ්‍රී දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැම්පත් කර තිබෙනවා.

