කුඩා යාත්රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, මෙරට මුහුදු තීරය සහ ඇති විය හැකි තද සුළං සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින්.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 – 50ත් දක්වා ඉහල යා හැකි අතර එය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 ත් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එසේම හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50 – 60ත් දක්වා පමණ දක්වා ඉහළ යා හැක.

