තැපැල් වර්ජනය අඛණ්ඩව

ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය අද දෙවන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඊයේ පැවති වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවාවන්ට බාධා එල්ල වී තිබූ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාල රැසක් වසා දමා තිබූ බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් ජනතාව බොහෝ අපහසුතාවයට පත්ව තිබෙනවා.