Harry Potter කතා මාලාවේ එන ප්‍රධාන චරිත තුනට තෝරා ගත් ළමා නළුවන් මෙන්න

JK Rowling ගේ Harry Potter පොත් මාලාව ඔස්සෙ නිශ්පාදනය වන Harry Potter රූපවාහිනි කතාමාලාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වන හැරී පෝටර්, හර්මියොන් ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන චරිත සඳහා තෝරා ගත් ළමා නළුවන්ගේ නම් HBO විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව හැරී පෝටර් ලෙස Dominic McLaughlin , හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස Arabella Stanton සහ රොන් වීස්ලි ලෙස Alastair Stout යන අය රංගනයෙන් දායක වනු ඇති.

මෙම චරිත සඳහා විවෘත නළු නිළියන් කැඳවීමක් පසුගිය වසරේ නිවේදනය කරන ලද අතර, ළමුන් 30,000 කට වැඩි පිරිසක් අතුරිනුයි මෙම තිදෙනා තෝරා ගෙන ඇත්තේ.

තවද අල්බස් ඩම්බල්ඩෝර් ලෙස John Lithgow, මිනර්වා මැක්ගොනගල් ලෙස Janet McTeer ද, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ් Nick Frost ද මෙම කතාමාලාවට රංගනයෙන් දායකවීමට නියමිතයි.

කෙසේවෙතත් වොල්ඩර්මෝට් චරිතය සඳහා තවමත නළුවෙකු තෝරාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ. 

Harry Potter පොත්මාලාවේ මුල් පොත් 7ට අනුකූලව, එක් පොතකට එක් කතාසමය බැගින් ලෙස, වසර 10ක් පුරා දිවයන ලෙස මෙම කතා මාලාව නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා.

මෙම කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා Mark Mylod වන අතර Waer Bros. Studios විසින් මෙය නිශ්පාදනය කරනු ලබනවා.

මෙහි පළමු කතා සමය 2027 වසරේ නිකුත්වීමට නියමිතයි.