ප්‍රදේශ කිහිපයකට චිකුන්ගුන්යා අවදානමක්

දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇති ඇතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසන්නේ.

උණ, ඇඟපත වේදනාව, ඇඟ වෙව්ලීම හා හන්දි වේදනාව සහ හන්දි ඉදිමීම මෙම රෝගයේ ලක්ෂණ ලෙස දැකගත හැකි අතර බොහෝ රෝගීන්ට දින කිහිපයක් ඇතුළත මෙම රෝගය සුවවුවත් ඇතැමුන්ට හන්දි වේදනාව ටික කාලයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ 2006,2007 සහ 2008 වසරවල දී වනවා

මෙම රෝග කාරකය ඩෙංගු මදුරුවාගෙන්ම ව්‍යාප්ත වන අතර රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට බෝ වීමක් සිදුනොවන බව ද වෛද්‍ය චින්තන පෙරේරා මහතා සඳහන් කරනවා.

ගර්භණී මව්වරු, දරුවන් හා නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය මෙම රෝගී තත්ත්වයෙන් පරිස්සමින් කරගැනීම වැදගත් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.