කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (22) දින ඒකක 117.46 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය අද ඒකක 16,473.37ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එසේම අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස දැක්වුනා.