ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකුට ඇමරිකාවේ දී වෙඩි

වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ගාසා වැසියන්ට උපකාර කිරීම අරමුණු කරගත් උත්සවයකින් පිටව යමින් සිටියදී ඔවුන්ට මෙලෙස වෙඩි තබා ඇති බවයි BBC වාර්තා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු “පලස්තීනය නිදහස් කරන්න” යනුවෙන් කෑ ගැසූ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර සිය කනගාටුව ද ප්‍රකාශ කර තිබෙනවා.