19 න් පහල දකුණු ආසියානු යොවුන් පාපන්දු ශුරතාවය ඉන්දියාවට

වයස අවුරුදු 19 න් පහල දකුණු ආසියානු යොවුන් පාපන්දු ශුරතාවය (2025 SAFF U19) දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුනා. 

ඒ ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින්. 

තරගයේ නියම්ත කාලයේදි දෙපිලම ගෝල එකට එකක් ලෙස සම තත්වයේ පසුවුණා. 

පසුව ජයග්‍රාහකයා තීරණය කලේ දඩුවම් පහර මගින්. 

එහිදි 4ට 3ක් ලෙස ඉන්දිය කණ්ඩායම දඩුවම් පහර සාර්ථක කර ගනිමින් ශුරතාවයට හිමිකම් කීමට සමත් වුණා. 

තරඟය අරුණාචල් ප්‍රදේශ් හි යුපියා හි ගෝල්ඩන් ජුබිලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.

මෙම තරගාවලියට එක්වූ ශ්‍රි ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමට මූලික වටයෙන් ඉවත් වීමට සිදුවුණේ ඉන්දියාව සහ නේපාලය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.