සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක්

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබෙනවා.

එම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විමර්ශනය කරන බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.