ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට පොදු මාර්ගෝපදේශ මාලාවක්

පොලිස් අත්අඩංගුවේ පසුවන සහ පොලීසිය සමඟ ගැටුම් වලදී සිදුවන මරණ වැළැක්වීම අරමුණු කරගත් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) විසින් නිකුත් කර තිබෙනවා.

2025 අංක 1 දරන පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ මෙම මාර්ගෝපදේශ පොලිසියට නිකුත් කර තිබෙනවා

කොමිසමට ලැබුණු පැමිණිලි පිළිබඳ විමර්ශන මත පදනම්ව, 2020 ජනවාරි සිට 2025 මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණ 49 ක් සහ පොලිසිය සමඟ ගැටුම් වලදී මරණ 30 ක් වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම මාර්ගෝපදේශ සහ නිර්දේශ නිකුත් කර ඇති බවයි එහි සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා පැවසුවේ.

මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ අනුගමනය කිරීමට පොලිසිය දිරිමත් කළ යුතු බවට ඔහු අවධාරණය කළේය.