ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන 39,247,785ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ ගණන 1,103,352ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 27,011,091කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

