පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.30 සිට රු. 294.98 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 302.65 සිට රු. 303.48 දක්වා ඉහළ ගොස් තිබේ.

