හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්හට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බවයි ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ජනවාරි මාසයේ දී ධුරයෙන් ඉවත් වූ බයිඩන්, මුත්‍රා රෝග ලක්ෂණ සඳහා පසුගිය සතියේ වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසුව පිළිකා රෝගයක් බවට හඳුනා ගෙන තිබෙනවා.
එමෙන්ම වෛද්‍යවරු පෙන්වා දී ඇත්තේ ඔහුගේ පිළිකාව වඩාත් ඉතාමත් ආක්‍රමණශීලී ආකාරයෙන් පැතිරි ඇත අතර එය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවය.
කෙසේවෙතත් මේ පිළිකාව හෝමෝන-සංවේදී වන බැවින් එය පහසුවෙන් කළමනාකරණය කළ හැකි අබ්වයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
බයිඩන් ගේ මෙම අසනීප තත්ත්වය වෙනුවෙන් වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ ශෝක පණිවිඩය පහතින්,


