සම්බෝල කෑවට සම්බෝල වල ගුණ දැන ගෙන හිටිය ද

සම්බෝලයි සුදු බතුයි බිත්තර තම්බලායි…. ඇහුවමත් කට්ටියගේ කටට නම් කෙළ උනනවා ඇති. ඒ තරමටම අපි ඒක අපිත් එක්ක බැඳුනු කෑමක්.

ඉක්මනින් හදා ගන්න ගෙදර දෙයක් නැත්නම් සම්බෝලය තමයි අපි ඉස්සෙල්ලම හදන්න කල්පනා කරන දේ.

 පොල් සම්බෝලය සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන පොල්වල සිරුරේ ශක්තිය වර්ධනයට අවශ්‍ය හිතකර මේදය හෙවත් සංතෘප්ත මේදය තිබෙනවා.

 පොල්වල කෙඳි සහිත බව සියයට 75 ක් පමණ ඇති නිසා ජීර්ණ ක්‍රියාවලිය ද හොඳින් සිදු වේ. එසේම එහි ප්‍රෝටීන් ද බහුලය.

පොල් සම්බෝලය සෑදීමට යොදා ගන්නා සෙසු අමුද්‍රව්‍ය වන සුදුලූනු, රතුලූනු, වියළි මිරිස්, ගම්මිරිස්. කරපිංචා, ලුණු ආදියෙහි විටමින් වර්ග, කැල්සියම්, සෝඩියම් ආදී ඛනිජ ලවන වර්ග අඩංගුය.

 ඒ නිසා පොල් සම්බෝල යනු සිරුරේ පෝෂණය ඉහළ නංවන්නට උපකාරි වන ආහාරයකි.

 පොල් සම්බෝල ආහාරයට ගැනීම මගින් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට උපකාරී වන මේදය ලැබේ. එහි ඇති කෙඳි සහිත බව නිසා මලබද්ධය ඇතිවීම වළක්වයි. විටමින්, ඛනිජ ලවන ඇති නිසා විෂබීජ නාශක ගුණය ද පවතී.

ඒ වගේම තමයි කුනිස්සෝ වගේ දේවල් මේ සම්බෝල වලට එකතු කළොත් තවත් පෝෂණ ගුණය ඉහළ නංවා ගන්න පුළුවන්.