නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි දින තුනේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හා අරාබි මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ඉතා රළු විය හැකි බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.