ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය කාලය පුරා පැවැති වාර්ෂාව ඊට හේතුවී ඇති බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.
එසේම අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයිද ඔහු සඳහන් කළා.

