දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණික වැඩ වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි පැය කිහිපය තුළ ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට නියැලීමට සූදානම් බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (16) පැවසුවේ.

බඳවා ගැනීමේ ගැටළු, උසස්වීම්, ඇතුළු කරුණු ගණනාක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනයක නියැලීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.