ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80ක සීමාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වූ එහි ආසාදිතයන් ගණන අද (15දා) උදෑසන ජෝන්ස් හොප්කින්ස් විවිශ්ව විද්‍යාලයේ දත්තවල සටහන් වූයේ 7,916,188ක් ලෙසිනි. මේ අතර ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිත මරණ ගණනාවක් ද වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත මරණ ගණන මේ වනවිට 216,858ක් ලෙස සටහන් වෙයි.
ගෙවීගිය බදාදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදයේ නව ආසාදිතයන් 51,072ක් සහ මරණ 745ක් වාර්තා වී තිබේ.

