වසර 10කට පසු Google වෙනස් වෙයි

වසර 10ක් වැනි දීර්ඝ කාලයට පසු සිය ලාංඡනය (logo) වෙනස් කිරීමට Google සමාගම පියවර ගෙන තිබෙනවා.

දැනට iOS සහ Pixel දුරකථන වල ගූගල් යෙදුම මෙලෙස වෙනස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව රතු, කහ, කොළ සහ නිල් වර්ණ අනුක්‍රමණයකට මිශ්‍ර කරන නව ලාංඡනයක් ලෙසයි Google මෙය වෙනස් කර ඇත්තේ.

ගූගල් අවසන් වරට එහි ලාංඡනයට ප්‍රධාන වෙනසක් සිදු කළේ 2015 සැප්තැම්බර් මාසයේදී වනවා.

මෙම යාවත්කාලින කිරීම ඉතාම සියුම් සහ කුඩා ප්‍රමාණයේ එකක් වුවද එය Gemini ලාංඡනයේ භාවිතා කර ඇති gradient එක හා අනුරුප වනවා.