මැයි මුල් සතියේ විදෙස් සංචාරකයින් 33,910ක් දිවයිනට

2025 වසරේ මැයි මස මුල් සතිය තුළදී විදෙස් සංචාරකයින් 33,910ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කරනවා. 

ඒ අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් වනවා.

කෙසේ වෙතත් ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් වාර්තා වනවා. 

ඒ අනූව ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමට පහළට පැමිණ තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් බවයි. 

මෙය ඉකුත් 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධනයක් වනවා.