බන්ධනාගාර රැඳවියන් බැලීමේ විවෘත අවස්ථාවක්

බන්ධනාගාර රැඳවූවන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අද සහ හෙට දිනයන්හි අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව රැගෙන එන ආහාර පාර්සල් , රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සල් එක් රැඳවූවකුට ප්‍රමාණවත් පරිදි ගෙන ඒමට කටයුතු කරන ලෙසයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැඳවූවන්ගේ ඥාතීන්ට දැනුම් දෙන්නේ.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.