වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.
දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කරනවා.
මේ අතර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව වාර්තා වෙනවා.
සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙනවා.

