වසර 50කට ආසන්න කාලයකට පසු පෘථිවියට ගෙන එන ලද චන්ද්‍ර පාෂාණ සාම්පල පළමු වරට එක්සත් රාජධානියට ගෙනවිත් තිබෙනවා.
චීනයෙන් ණයට ගත් සාම්පලයක් වන මෙය කුඩා දූවිලි අංශු දැන් මිල්ටන් කේන්ස් හි අධි ආරක්ෂිත පහසුකමක සේප්පුවක් තුළ අගුළු දමා ඇත.
මහාචාර්ය මහේෂ් ආනන්ද් විසින් මෙම සාම්පලය ලබා ගෙන ඇති අතර ඔහු එය හඳුන්වා දෙන්නේ රත්රන් වලට වඩා වටිනා දුර්ලභ දෙයක් ලෙසයි.
මෙම සාම්පලය පරික්ෂා කිරීමෙන් අනතුරුව චන්ද්‍රයා ඇති වූ ආකාරය සහ පෘථිවි ග්‍රහලෝකයේ මුල් වසර පිළිබඳ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දීමට මහාචාර්ය මහේෂ් ආනන්ද් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වනවා.
චීනය විසින් 2020 වසරේ දී දියත් කළ චැන්ගී 5 අභ්‍යවකාශ මෙහෙයුමේදී, චන්ද්‍රයාගේ මොන්ස් රුම්කර් නම් ගිනිකඳු ප්‍රදේශයකින් මෙම සාම්පලය එකතු කර ගෙන තිබෙනවා.
1976 දී සෝවියට් මෙහෙයුමකින් පසු පළමු වරට සාර්ථක චන්ද්‍ර සාම්පලයක් ලබා ගත් අවස්තාව මෙය වීම විශේෂත්වයක්.

