ඇමරිකාවේ Robert Prevost නව පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ Robert Prevost තේරී පත්ව තිබෙනවා.

69වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වනවා.

නව පාප්වහන්සේ විසින් Leo XIV යන නමින් නම් කර තිබෙනවා

ශාන්ත පීතර චතුරශ්‍රයේ බැල්කනිය පැමිණි ඔහු එහි රැස්ව සිටි ජනතාවට “May peace be with all of you,” (ඔබ සැමට සාමය ලැබේවා) ලෙස ආශීර්වාද කරනු ලැබුවා.

ඒ අනුව අදින් පසු බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.