අද (08) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද අකුණු මගින් වන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දෙනවා.

