පාර්ලිමේන්තුව අද සහ හෙට රැස් වෙයි

පාර්ලිමේන්තුව අද සහ හෙට රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට රැස්වන පාර්ලිමේන්තුවේදී රේගු ආඥා පනත යටතේ ආනයන තීරු බදු වලට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට සැලසුම් කර තිබෙනවා

අනතුරුව පස්වරු 05 ට විපක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැණෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හේෂා විතාණගේ, රෝහණ බණ්ඩාර, චමින්ද විජේසිරි සහ රවී කරුණානයක ඇතුලු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රි යෝජනා 06ක් හෙට විවාදයට ගැනීමට නියමිතයි.