අද රුපියල ස්ථාවර මට්ටමක

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.18 සිට රු. 295.30 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 303.67 සිට රු. 303.66 දක්වා අඩු වී තිබේ.