සබරගමුවේ සිසුන් 11කට පන්ති තහනම් වෙයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් සිව්දෙනා ඔවුන් අද (05) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනා.

මෙම සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.