නිහඬ කාලයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු කළොත් නීතිය තදින්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා.

ඒ සමගම අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ නිහඩ කාල සීමාව තුළ යම්කිසි අයෙකු නීතීවිරෝධීව පෝස්ටර්, බැනර් හෝ කටවුට් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද කටයුතු කරන බවය. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පොලිස් නිළධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවද ඔහු සඳහන් කළා.