ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 12 කට ප්‍රබල අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතිනවා.

එසේම, මෙම ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.